දේශීය

ගෑස් ගින්නකින් කුකුළු පැටවුන් 3,000ක් ගිනි ගනී

පන්නල පොලිස් වසමට අයත් පල්ලේගම, එළිබිච්චිය ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපොළක ගැස් කාන්දුවක් සමග ගිනි ගැනීමක් සිදුව තිබේ.

අද (24) අලුයම 3.20ට පමණ ගෑස් සිලින්ඩරය පුපුරා යෑමෙන් ඇති වු ගින්න හේතුවෙන් කුකුළු පැටවු 3,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

මෙම ගොවිපොළ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අක්කර 17ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා තිබේ.

ගොවිපොළ තුළ කුකුළු පැටවුන් 35,000ක් පමණ රැඳවිය හැකි ශාලා 7ක් ඇති අතර ඉන් එක් ශාලාවක් තුළ ගින්න හට ගෙන තිබේ.

කුකුළු පැටවුන්ට අවශ්‍ය උණුසුම ඇති කිරීමට කිලෝ ග්‍රෑම් 37.5ක් වු ගෑස් සිලින්ඩර තුනක් සවිකර ඇති අතර ඉන් එක් සිලින්ඩරයක ඇති වූ කාන්දුව ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

මීගමුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති අතර සිදු වු අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?