Latestදේශීය

විජේදාස රාජපක්ෂගේ අමුතු කතා

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන විජේදාස රාජපක්ෂ වෙනස් ම කතා කිහිපයක් පසුගිය දිනවල සිදු කර තිබේ.

ඒ අතරින් කැපී පෙනෙන්නේ පළමු වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වන ලද ඔහුගේ හිතවතුන් හමුවේ කර තිබෙන ප්‍රකාශයක් ය. එය ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබුණේ “මා කැබිනෙට්ටුවේ නොසිටියේ නම් මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ – සියලු රහස් ඉදිරියේ දී හෙළි කරනවා“ යන සිරස්තලයෙන් පළ කර තිබිණි. ඔහු මෙසේ ප්‍රකාශ කළ ද ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන්නේ වර්තමානයේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදනවලට අනුකූලව ය.

එම හමුවේ දී මහින්ද රාජපක්ෂලාට ප්‍රහාරයක් එල්ල කරමින් “යුද්ධය අවසන් කිරීම හොරකමට දුන් බලපත්‍රයක් නොවේ“ යනුවෙන් ප්‍රකාශ කර ඇත. එසේ ම “රනිල් අගමැතිවරයා ඔහුගේ පළමු කැබිනට් පත්‍රිකාව විදිහට මහ බැංකුවට අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට යෝජනා කළ විට මම එයට විරුද්ධ වුණා. ඒ වගේ ම මේ රටට කරන්න ඕන ලොකුම හතුරු කමක් ඔහු කළේ මහ බැංකුවේ ලොකුම හොරකම කරලා“ යනුවෙන් ද ප්‍රකාශ කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශයෙන් මෙරටට වන්දි ලබා ගැනීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා ගත් පුද්ගලයින් පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරනු ලැබීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *