Latestක්‍රීඩාදේශීය

වසර 24කට පසු ඔලිම්පික් මීටර 400 දෙවන වටයට ලාංකිකයෙක්

ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ඊයේ පත් වූවේය. මීටර් 400 තත්පර 44.99ක කාලයක් ගත කොට ක්‍රීඩකයන් 46කින් 17 වැනි ස්ථානයට පත් වූ අරුණ දර්ශන මෙවර තරගවාරයේ තම හොඳම පෞද්ගලික දක්ෂතාව ප්‍රද්ර්ශනය කිරීමද කැපී පෙනිණි. අරුණ දර්ශන මූලික වටයේ 5 වැනි තරගයට එක්වූ අතර, එහි පළමු ස්ථානයට ග්‍රෙනේඩාවේ කිරාන් ජේම්ස් තත්පර 44.78කින් හා දෙවැනි ස්ථානයට කැනඩාවේ ක්‍රිස්ටෝපර් විලියම්ස් තත්පර 44.96කින් පත් වූහ.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 11.15ට පමණ පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසි අරුණගේ මීටර් 400 අවසන් පූර්ව තරගය හෙට රාත්‍රි 11. 05ට පැවැත්වීමට නියමිතය. එම අවසන් පූර්ව තරගයට ලොව අති දක්ෂ ක්‍රීඩකයන් 24ක් සහභාගි වෙති.

වසර 2000දී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු අරුණ දර්ශන මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීම සුවිශේෂී දක්ෂතාවකි.

මේ වසරේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 45.30කින් මීටර් 400 ධාවන ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කර තිබිණි. 1999 ජනවාරි 19දා ත්‍රිකුණාමලයට නුදුරින් සේරුවිලදී උපත ලද අරුණ දර්ශන අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූවේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *