Latestදේශීය

කෝකිලා රවී නඩුව සමථයට පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙත් තමන්ට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ගොනු කළ නඩුව අද (06) කොළඹ දිසා අධිකරණයේදී සමථයට පත්වී තිබේ.

එම නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය.

මීට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් මෙහිදි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකණයේදී පවසනු ලැබීය.
 
ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි අනුව කටයුතු කරන ලෙස දෙපාර්ශ්වකරුවන්ට නියෝග කෙරිණි.

මේ වනවිට දැඩි රනිල් හිතවාදියකු ලෙස කටයුතු කරන ගුණවර්ධන මන්ත්‍රීවරිය රනිල්ගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් විවිධ අවස්ථාවන්හී දී ප්‍රකාශ නිකුත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *