Latestවිදේශීය

මාලදිවයිනට ඉන්දියාවෙන් සහන කාලයක්

මාල­දි­ව­යින විසින් ඉන්දි­යා­වෙන් ලබා ගත් මාල­දි­ව­යින රුෆියා බිලි­යන 6.2ක ණය මුදල ආපසු ගෙවීම ලිහිල් කිරී­මට ඉන්දීය රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලය ඇතු­ළත ඉන්දි­යාව සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­ද­ය­කට මැදි වී සිටි මාල­දි­ව­යි­නට ලබා දුන් එම සහ­යෝ­ග­යට මාල­දි­ව­යින් ජනා­ධි­පති මොහො­මඩ් මුයිසු ස්තූතිය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. දෙරට අතර ඇති භූගෝ­ලීය වැද­ග­ත්කම සැල­කි­ල්ලට ගනි­මින් එය පවත්වා ගැනී­මට මාල­දි­ව­යින් ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කරනු ඇතැයි එරට පාර්ලි­මේන්තු මන්ත්‍රී මිකේල් නාසිම් විශ්වා­සය පළ කර ඇතැයි ද, තම විදේ­ශීය ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක නොවන බව ජනා­ධී­ප­ති­ව­රයා මේ වන විට අව­බෝධ කර­ගෙන ඇතැයි ද පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

වර්ත­මා­නය වන විට මාල­දි­ව­යි­නට චීන­යෙන් සහ මැද­පෙ­ර­දි­ගින් ආධාර ලබා ගැනී­මට එරට ජනා­ධි­ප­ති­ව­රයා අස­මත් වී ඇති බවත්, දෙරට අතර වඩාත් ශක්ති­මත් සබ­ඳතා ගොඩ නඟා ගැනී­මට මාල­දි­ව­යින සමඟ ඉන්දි­යාව නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට අත්සන් තබනු ඇතැයි ද එරට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා විශ්වා­සය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *