Latestවිදේශීය

ඉරානයට මුහුණ දීමට ඊශ්‍රායලයේ භූගත රෝහල් ඉදිකරයි

ඕනෑම මොහො­තක ඉරා­න­යෙන් එල්ල විය හැකි ප්‍රහා­ර­ය­කදී තුවාල ලබන සිය පුර­වැ­සි­යන්ගේ සහ හමුදා සෙබ­ළුන්ගේ ප්‍රති­කාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් ඉදි කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඊශ්‍රා­ය­ලයේ හයිෆා නුවර ඉදි කරන එම භුගත රෝහල් දහස් ගණ­නක ඇඳ­න්ව­ලින් සම­න්විත අංග සම්පූර්ණ රෝහ­ලක් ලෙස සකස් කර­මින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එම රෝහලේ ඇඳන් 2,000කට අධික ප්‍රමා­ණ­යක් සවි කර ඇතැයි ද, යුද ගැටු­ම්ව­ලින් බර­ප­තළ තුවාල ලබන පුද්ග­ල­යන්ට එම රෝහ­ලේදී ප්‍රති­කාර ලබා­දී­මට සැල­සුම් කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *