Latestදේශීය

සිමෙන්ති ලොරිය ‌පෙරලී රියදුරු මියයයි

(කේ.ඒ. සුනිල් – කුරු­විට)

හම්බ­න්තොට සිට කෑග­ල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථ­යක් තිරිංග ක්‍රියා විර­හි­ත­වී­මෙන් රත්න­පුර පතු­ල්පාන ප්‍රදේ­ශ­යේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරි­යක් ද සමඟ ඊයේ (07) පෙර­වරු 7.30ට පමණ දොඩං­ගහ ඇළට පෙරැළී යෑමෙන්  සිදුවූ අන­තු­ර­කින් සිමෙන්ති ලොරියේ රියැ­දුරා එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්ව ඇත.

මේ අන­තුර ඇසින් දුටු­වකු පැව­සුවේ සිමෙන්ති ලොරියේ රියැ­දුරා ලොරියේ රියැ­දුරු අසුන ආස­න්නයේ ජනේ­ල­යෙන් බෙල්ල එළි­යට දමා බ්‍රේක් නැති බව කිය­මින් කෑගැසූ බවයි. රියැ­දුරා වම්පස ඉවු­රට ලොරිය යොමු කර කණ්ඩියේ වද්දවා ලොරිය නවතා ගැනී­මට  උත්සාහ කරන අව­ස්ථාවේ ඉදි­රි­යෙන් මගී බස් රථ­යක් පැමිණි බව ද ඇසින් දුටු පුද්ග­ලයා පැව­සීය.

මගී බස් රථයේ රථය ගැටුණි නම් විශාල ජීවිත හානි­යක් සිදු­වී­මට ඉඩ තිබුණු බවත් ලොරියේ රියැ­දුරු එම අන­තුර වළක්වා ගනි­මින් ලොරිය  දකු­ණට කැපී­මේදී ඒ ආස­න්නයේ තිබූ වෙනත් ලොරි­යක ගැටී මේ සිමෙන්ති පැටවූ ලොරිය ගැටුණු බවත් ඔහු පව­සයි. අන­තු­රුව ඒ ආස­න්න­යේම නවතා තිබූ තවත් ලොරි­යක ද  ගැටී එම ලොරිය ද සමඟ සිමෙන්ති පැටවූ ලොරිය දොඩං­ගහ ඇළට පෙරැළී ගොස් ඇත.

ප්‍රදේ­ශ­වා­සීන් හා පොලිස් නිල­ධා­රීන් එක්ව ලොරියේ සිරවී සිටි  රියැ­දුරා ලොරි­යෙන් එළි­යට ගෙන සුව­සැ­රිය ගිලන් රථ­යක් මඟින් රත්න­පුර ශික්ෂණ රෝහ­ලට පිටත් කර යැවී­මට කට­යුතු කර ඇතත් ඒ වන විටත් ඔහු මිය­ගොස් සිට ඇත. පසුව දොඹ­ක­ර­යක් ආධා­ර­යෙන් ලොරිය ඔසවා තවත් අය සිටී­දැයි විමසා බැලී­මට කට­යුතු කළත් වෙන කිසි­වකු සොයා ගැනී­මට නොහැකි විය.

රත්න­පුර මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කමල් අබේ­සිරි මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක දිල්රුක් සංජීව මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රථ වාහන අංශයේ නිල­ධා­රීන් විසින් වැඩි­දුර පරී­ක්ෂණ කරන අතර, පොලි­සිය සැක කරන්නේ මේ අන­තු­රට හේතුව ලොරියේ තිරිංග අක්‍රි­ය­වීම බවයි. ප්‍රදේ­ශ­වා­සීන් පව­සන්නේ මේ ස්ථානය අන­තුරු බහු­ලව සිදු වන ස්ථාන­යක් බවයි. මේ අන­තුර සිදු වූ ස්ථානය අධික බෑවුම් සහිත ස්ථාන­යක් වන අතර, මාර්ගයේ එක් පසක් කන්දක් සහිත ප්‍රදේ­ශ­යක් වන අතර අනෙක් පස බෑවුම් සහිත ප්‍රදේ­ශ­යකි. මේ බෑවුම් ප්‍රදේ­ශයේ දොඩං­ගහ ඇළ පිහිටා ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *