Uncategorized

හදිසි තත්ත්වය පාලනයට එංගලන්ත පොලීසිය 6000ක් කැඳවයි

එංග­ල­න්තයේ ලන්ඩන් නුවර සවු­ත්පෝර්ට් ප්‍රදේ­ශයේ නර්තන ඇක­ඩ­මි­ය­කට කඩා පැන දැරි­යන් තිදෙ­න­කුට පිහි ඇනුම් ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ සිදු­වීම මුල් කර­මින් සති­ය­කට වැඩි කාල­යක් පුරා එරට පැතිරී යන කෝලා­හල හා ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැ­ත්වී­මට හය­ද­හ­ස­කට අධික පොලිස් නිල­ධා­රීන් පිරි­සක් රාජ­කා­රියේ යොදවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

අන්ත දක්ෂි­ණාං­ශික කණ්ඩා­යම් විසින් සංවි­ධාන කරනු ලැබූ බව කියන මේ විරෝ­ධතා අත­ර­තුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ලිව­ර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙ­ස්ටර්, බ්ලැක්පූල්, බෙල්ෆාස්ට් සහ බර්මි­න්හැම් වැනි ප්‍රදේශ රැස­කට පැතිරී ගොස් ඇති අතර,  සාප්පු මංකොල්ල කෑම් හා රථ­වා­හ­න­ව­ලට හා ගොඩ­නැඟි­ලි­ව­ලට ගිනි තැබීමේ සිදු­විම් ද වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව දැඩි නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බවට රජය නිවේ­ද­නය කළ බවත්, දැන­ට­මත් එවැනි පුද්ග­ල­යන් තිදෙ­න­කුට ලිව­ර්පූල් අධි­ක­ර­ණය මගින් සිර දඬු­වම් නියම කර ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *