Latestදේශීය

නාමල්ට පිස්සු කියා මහින්ද කියූ බව ප්‍රසන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂයේ හෝ පහළ ජනතාවගේ අවශ්‍යතාවයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටත් 2022 කලාහකාරී සිදුවීම්වලටත් නාමල් රාජපක්ෂ මහතා හේතුවක් වී ඇති බවටද ඔහු චෝදනා කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට වඩා සමග ජනතාවට තරහක් ඇත්තේ ඒ පවුලේ නාමල් රාජපක්ෂ මහතා සමඟ බවද ඇමතිවරයා කියා සිටී.

මෙය පොදු ජන පෙරමුණේ යම් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා සමග ගහන ඩීල් එකක් ලෙස තමන් දකින බවද ඔහු පැවසීය.

ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා තමන් මුණගැසුණු අවස්ථාවේ ‘නාමල්ට පිස්සු’ කියා කියූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

බත්තරමුල්ලේ හෝටලයක පැවති සාකච්ඡාවකින් පසු ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *