Latestදේශීය

අනුරගේ පෞරුෂය සජිත්ට නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ ඉල්ලා අස් වූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු රැසක් ඊයේ (09) දහවල් මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලදී.

ඔහු එහිදී අවධාරණය කළේ ප්‍රධාන කරුණු දෙකක් නිසා සජිත් ප්‍රෙමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී තිබූ බවයි. අරගලය සමයේ රජය බාරගන්නා ලෙස ආරාධනා ලැබුණු අවස්ථාවේ, සුළුතරයක් සමග පාලනයක් ගෙන යා නොහැකි බව සඳහන් කරමින් පැනයාම එක් අවස්ථාවක් බව පැවසීය. එසේම පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරාපත්කරගත් අවස්ථාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් පමණක් සිටින ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පක්ෂයේ ගෞරවය හා අභිමානය වෙනුවෙන් ඉදිරිපත් වූවද මන්ත්‍රීවරු 54 දෙනෙකු සිටියදී සජිත් ප්‍රේමදාස පලා ගිය බව හෙළි කළේය.

ඔහු වැඩිදුරටත් පල කළ අදහස් මෙසේය,

“රටේ විශාල කලබගෑනියක් තිබුණු අවස්ථාවේ රජය බාරගන්න ආරාධනා ලැබුනා. මම ඇතුළුව මන්ත්‍රීවරු 20 දෙනෙක් පමණ තදින්ම කියා හිටියා රජය බාරගතයුතු බව. නමුත් නායකයා කියා සිටියේ සුළුතරයක් එක්ක බාරගන්න බෑ කියලා. 2015 දී අපි ආණ්ඩුව බාරගත්තේ මන්ත්‍රීවරු 44 දෙනෙක් ඉඳිද්දී. ඒ වගේ අවබෝධතා ගිවිසුමකට ගිහින් ආණ්ඩුව බාරගන්න කිව්වා. නමුත් නායකයා අවදානම්වලදී පැනලා දුවන නායකයින්ගෙන් වැඩක් නැහැ. දෙවන අවස්ථාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති තෝරාගැනීමයි. සුමාන දෙකක් විතර ඒ ගැන සාකච්ඡා කරලා ජනාධිපති ධුරය බාරගන්න එකඟවෙලා අන්තිම මොහොතේ පාර්ලිමේන්තුවට ගිහින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළා. අපිට මන්ත්‍රීවරු 54ක් සිටිද්දී පැනලා ගියත් අනුර කුමාර මහත්තයා මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉඳිද්දී පරදින බව දැන දැන පක්ෂයේ ගෞරවය හා අභිමාණය වෙනුවෙන් ඉදිරිපත් වුනා. සජබේ නායකයා රට වටේ ගිහිල්ලා බස් බෙදුවත් දූෂිත දේශපාලන සංස්කෘතිය මහාපරිමාණ මට්ටමින් කරන එක මේ නායකයන් අතින් සිද්ධ වෙනවා.” යනාධි වශයෙන් පැවසීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *