Latestදේශීය

රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව ඇත.

එම පක්ෂ දෙකම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලැබෙනු ඇති බවට එම පාර්ශවය දැඩි විශ්වාසයෙන් පසුවිය.

මේ අතර වාර්තා වන්නේ සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාගේ සහයට පැමිණෙන මන්ත්‍රීවරුන් ගණන හතර දෙනෙකු දක්වා පහත වැටී ඇති බවයි.

එම පිරිස ද මේ වනතෙක් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවය යම් අපහසුතාවයකට පත්ව සිටියි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *