Latestදේශීය

ගෝඨාභය අවුරුදු දෙකයි, සජිත් ආවොත් උපරිම එකයි – සරත් ෆොන්සේකා

රටේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් වසරක් යාමට මත්තෙන් ඔහු තනතුර දාලා පැනලා යනවා යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කෙළේය.

ඔහු පවසන්නේ තමන් මීට පෙර දී ප්‍රකාශ කළ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද වසර දෙකකින් තනතුර දමා පැන ගිය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති මංගල ජනහමුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

‘එදා ගෝල්ෆේස් පිටියේ අරගලය කළේ නිර්පාක්ෂික නායකයෙක් ඕනෙ කියලයි. දැන් මම ඒ අයට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරනවා.

ඒ නිසා නිර්පාක්ෂික නායකයෙක් රටට පත් කර ගන්න ජනතාවට දැන් අවස්ථාව තිබෙනවා.මම 2019 දී කිව්වා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් පැනලා යනවා කියලා. මම එහෙම කිව්වේ එයාගේ පැටිකිරිය දන්න හින්දයි. ඒ කිව්වා වගේම ඔහු අවුරුදු දෙකකින් පැනලා ගියා.

ඒ වගේම තමයි රටේ කරුමෙට හරි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අවුරුද්දකින් ඔහු පැනලා යනවා. මං මේක කිව්වයි කියලා තමුන්නාන්සේලා රන් අකුරෙන් ලියලා තියාගන්න.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.

රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා.ඒක විසඳන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් රටේ හිටියත් ඔවුන් මෙහෙය වන්න හොඳ නායකත්වයක් නෑ. මේ රටේ ආදායම වැඩි කරලා ජනතාවගේ අතමිට සරු කරන එක රජයේ වගකීමක්. ඒවා කරන්න අපිට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරන්නේ මගෙත් එක්ක එකතු වෙන්න කියලයි’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *