Latestවිදේශීය

වෛද්‍යවරිය ඝාතනය ‌‌- මහඇමති මමතාට ධූරයෙන් ඉවත් වෙන්න දැඩි බලපෑම්

බටහිර බෙංගාලයේ කොල්කටා නුවර රෝහලකදී දූෂණයට ලක් කර තරුණ වෛද්‍යවරියක ඝාතනය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම මුල් කරගනිමින් එම ප්‍රාන්තයේ මහඇමැති මමතා බෙනර්ජිට ධුරයෙන් ඉවත්වන ලෙස විවිධ පාර්ශ්වවලින් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 31 හැවිරිදි මේ අභ්‍යාසලාභී වෛද්‍යවරිය ඝාතනයට ලක්වී පැය 24ක් යෑමට පෙර කොල්කටා නුවර පිහිටි ආර්ජී කාර් රෝහලේ වෛද්‍යවරු 42 දෙනකු වෙනත් රෝහල් කරා මාරු කිරිමට ප්‍රාන්ත රජය නියෝග කර තිබූ බවත්, පසුව රජය විසින්ම එම නියෝගය ඉවත් කරගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු අඩාළ වීම සම්බන්ධවත්, එම ඝාතනය පිළිබඳ මහඇමැතිනිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම සම්බන්ධවත් පාර්ශ්ව ගණනාවක් විමතිය හා කනගාටුව පළ කර ඇතැයි ද වාර්තා වේ. මේ වනවිට නවදිල්ලියේ ප්‍රධාන ඇමැතිවරයා වන අර්වින්ද් කේජ්රවාල්ගේ නායකත්වයෙන් යුතු ආම් ආඩ්මි පක්ෂයේ රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං පසුගියදා මහ ඇමැති බෙනර්ජිට ලිපියක් යොමු කරමින් ඝාතන සිදුවීම සම්බන්ධ පරීක්ෂණ අඩාළ වීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *