Latestවිදේශීය

කුණාටු තත්ත්වකින් එක්සත් ජනපදයට දැඩි බලපෑම්

එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට කුණාටු තත්ත්වයක බලපෑමක් ඇතිවී තිබෙනවා . මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වය හේතුවෙන් විදුලිය ඇණහිටීම්, ගංවතුර සහ ගුවන් ගමන් ප්‍රමාදයන් රැසක් ඇතිව ඇති බවද සඳහන්.

තවද දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් නගරයට බලපෑ ගංවතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර, කුණාටුව කැනඩාව දෙසට ගමන් කිරීමත් සමග ඊසානදිග ප්‍රාන්තවලද දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් 635,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි.

එක්සත් ජනපදයට ගමන් කරන ගුවන් ගමන් 4,900කට වඩා ප්‍රමාද වී ඇති අතර අවලංගු කරන ලද ගුවන් ගමන් 500 ක් පමණ වන බවද සඳහන්.

මෙයින් දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ බොස්ටන් සහ නිව්යෝර්ක් ප්‍රදේශවල ගුවන් තොටුපළවල් බවද විදෙස් මාධ්‍ය දක්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?