Latestදේශීය

වැව් 415ක් පිටාර ගලයි… වව්නියා ජන ජීවිතයට දැඩි බලපෑම්…

(වන්නි රොමේෂ් මධුෂංක)

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේය.

වව්නියාවේ මහවැව් වූ පාවක්කුලම් ඇතුලු ගොවිජන සේවා දෙපාර්තමෙනේතුව, සුලුවාරිමාර්ග සහ මහවාරිමාර්ග යටතේ ඇති වැව් 415 ක් පිටාර ගලමින් පවතියි.

මේ අනුව වව්නියාව දිස්ත්‍රීක්කයේ සම්ස්ථ වැව් 639  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617 න් වැව් 400 ක්ද සුලු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17 න් වැව් 11ක්ද මහවාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් වරයා වැඩි දුරටත් පැවසීය.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරුද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීහු පිඩාවන්ට පත්ව ඇති අතරම පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයටද දැඩි බලපෑම් එල්ල වී ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?