Latestවිදේශීය

ට්‍රම්ප් පිටුපස ඉරානය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ.

FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මෙම මස මුලදී අභ්‍යන්තර පණිවුඩයක් අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වුණි.

කෙසේවෙතත් ඉරාන නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *