Latestදේශීය

ආන්ඩුකාරවරු ඩෙංගු පැතිරීම වැලැක්වීමට කටයුතු කරන්න

සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට පැවසීය.

ආණ්ඩුකාරවරුන්, පළාත් සභා ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි කරවා ගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස්කරමින් රෝගය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාවය දිය යුතු හෙයින් මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.

ඩෙංගු රෝගය පාලනයට ඒ ඒ පළාත්වල මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු අදහස් දැක්වූහ. ඉදිකිරීම් භූමි, පාසල් හා ආගමික ස්ථාන ආශ්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින හෙයින් එවැනි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් සුවිශේෂී දායකත්වයක් හිමිවන බවත් ඔවුහු සඳහන් කළහ.

මෙම අවස්ථාවට පළාත් සභ හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

@අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?