Latestදේශීය

ජංගම දුරකථන 650ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව පසුගියදා (27) පුත්තලම කරඹ ප්‍රදේශයේ මාර්ග බාධකයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, බොලෙරෝ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ජංගම දුරකථන 650 ක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය වෙත ලද තොරතුරකට අනුව, එම ආයතනය නොරොච්චෝලේ පොලිස් ස්ථානය හා එක්ව කරඹ හන්දිය මාර්ග බාධකයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු බොලෙරෝ කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි, එහිදී එම කැබ් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ රේගු නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන ජංගම දුරකථන හයසිය පනහක (650) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු සහ එම කැබ් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු ජංගම දුරකථන හයසිය පනහක (650) ප්‍රමාණය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *