Latestදේශීය

නාලක ගොඩහේවා කෝ?

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා මේ වනවිට සම්පූර්ණයෙන් ම කපා හැර ඇති බව වාර්තා වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් ප්‍රේමදාස අනුමත කළ එකක් නොවන බව නාලක ගොඩහේවා රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කර තිබිණි. ඒ සමඟ ම බරපතළ අභ්‍යන්තර ගැටීම් එම පක්ෂය තුළ ඇති වූ අතර ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කිරීමේ දී එම්. එස්. මරික්කාර් හර්ෂ ද සිල්වාට පහරදීමට ඉදිරිපත් වීම දක්වා ගැටුම් වර්ධනය වූ බව වාර්තා විය.

මේ නිසා එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම කළ නොහැකි මට්ටමට පත් විය. නුදුරේදි ම ඉදිරිපත් කිරීමට සූදානමක් තිබුණ ද ආචාර්ය නාලක ගොඩහේවා පමණක් නොව පොහොට්ටු පක්ෂයේ සිට එකතු වූ සියලු දෙනාම කපා හැර එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරමින් සිටින බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *