Latestවිදේශීය

බංගලාදේශ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය

බංග්ලා­දේ­ශයේ ගාසි ටීවී රූප­වා­හිනි සේවයේ ප්‍රවෘත්ති මැදි­රියේ සේවය කළ 32 හැවි­රිදි සාරා රහ­නුමා නමැති මාධ්‍ය­වේ­දි­නි­ය­කගේ මළ සිරුර ඩකා අග­නු­වර වැව­කින් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇගේ මර­ණය පිළි­බඳ මේ වන විට එරට දැඩි ආන්දෝ­ල­නය­කට තුඩු දී ඇති අතර, මර­ණ­යට හේතුව පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය කර­ගැ­නී­මට විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ඩකා නුවර පොලි­සිය ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය­වේ­දි­නි­යගේ මර­ණය පිළි­බඳ මෙතෙක් තොර­තුරු හෙළි නොවූ­වද, හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් අමෙ­රි­කාවේ සිට ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් සඳ­හන් කර ඇත්තේ මාධ්‍ය නිද­හ­සට එරෙ­හිව බංග්ලා­දේ­ශයේ සිදුවූ තවත් කුරිරු ඝාත­න­යක් බවය.

කෙසේ වුවද මාධ්‍ය­වේ­දි­නිය මිය ගිය දින­යට පෙර දින රාත්‍රි­යේදි සිය මිතු­ර­කුට මුහුණුපොත මගින් සට­හ­නක් තබා ඇති බව­ටත්,  ඒ අනුව ඇගේ මර­ණය සිය­දිවි හානි කර­ගැ­නී­මක් විය හැකි බව­ටත් තොර­තුරු පළ වී ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *