Latestදේශීය

රණ­වි­රු­වන්ගේ විශ්‍රාම වැටුප් ගැට­ලුව විස­ඳ­නවා – නාමල් රාජපක්ෂ

සියලු ජාතීන්ට නිද­හසේ හුස්ම ගැනී­මට අවශ්‍ය පරි­ස­රය සකසා දුන් වීරෝ­දාර රණ­වි­රු­වන්ගේ විශ්‍රාම වැටු­ප්වල තිබෙන ගැට­ලුව තම ආණ්ඩු­වක් යටතේ විස­ඳී­මට පිය­වර ගන්නා බව ශ්‍රී ලංකා පොදු­ ජන පෙරමුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

ඒ මහතා මේ බව පැවැ­සුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරී­මට කුරු­ණෑ­ගල, මාව­ත­ගම සති­පොළ ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (27) පැවති ජන හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපි හැම­දාම මේ රටට ආද­රය කළ දේශ­පා­ලන බල­වේ­ග­යක්. අපි කව­දා­වත් රටට අහි­ත­කර දේශ­පා­ලන තීන්දු­වක් ගෙන නෑ. හැම­වි­ටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලා­වක එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දය පරා­ජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉප­දෙන්න ඉන්න පර­ම්ප­රා­වට නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන් පරි­ස­ර­යක් හදන්න. මංමා­වත් ටික හැදුවා. ඇළ­වේළි ටික හැදුවා. කොළඹ පාස­ල්ව­ලට සමාන පාසල් මේ මාව­ත­ග­මට, කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යට ගෙනාවා. ගමේ දරු­වාට නගරෙ දරු­වගේ අධ්‍යා­ප­නය ගන්න පුළු­වන් පරි­ස­ර­යක් එදා අපි හදලා දුන්නා. කොළ­ඹට, මහ­නු­ව­රට පම­ණක් සීමා වූ රාජ්‍ය සේවය වගේම පෞද්ග­ලික අංශයේ ඉහළ පෙළේ රැකි­යා­ව­ලට ගමේ දරු­ව­ටත් අව­කා­ශය හදලා දුන්නා. අවා­ස­නා­ව­කට 2015දී අපි වෙන­සක් කළා. මේ රටේ සිය­ල්ලම අත­ර­මඟ කඩා­ගෙන වැටුණා. මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මේ රටේ සංව­ර්ධ­නය නව­ත්වපු තැනින් රට ඉදි­රි­යට අරන් යන්නේ කොහො­මද කියන කාර­ණය තමයි මට තියෙන වග­කීම සහ අභි­යෝ­ගය.

අද මහා සංඝ­ර­ත්න­යට අප­හාස කර­නවා. ඒ කියන්නේ මේ රටේ බෞද්ධ සංස්කෘ­ති­යට අප­හාස කළා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘ­තිය විනාශ කර සංස්කෘ­ති­ක­මය වශ­යෙන් යටත් විජි­ත­යක් බවට පත් කර ගන්න දේවල් ක්‍රියා­ත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරා­ගත් රණ­වි­රු­වාට අප­හාස කර­නවා. ඔවුන්ගේ ජීවිත පූජා කර තමයි ඊළඟ පර­ම්ප­රා­වට නිද­හසේ හුස්ම ගන්න පුළු­වන් පරි­ස­ර­යක් හැදුවේ. ඒ අයට නිසි ගෞර­වය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබ­සා­ධ­නය අපි බලන්න ඕනෙ. රණ­වි­රු­වන්ගේ විශ්‍රාම වැටු­ප්වල තිබෙන ගැටලු අපි විස­ඳ­නවා. රණ­වි­රු­වගේ හද ගැස්ම හඳු­නන දේශ­පා­ලන බල­වේ­ග­යක් තිබෙ­නවා නම්, ඒ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා බිහි කළ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණයි. අපි රණ­වි­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි කණ්ඩා­ය­මක්. ලෝකයේ සම­හර රට­වල යුද්ධ තිබෙන අව­ස්ථා­වල දරු­වන්, සිවිල් පුර­වැ­සි­යන්, කාන්තා­වන් පෙනි පෙනී ඝාත­නය කර­නවා. අපි ලෝකෙ­ටම පේන්න සජී­වීව පුංචි දුවා දරු­වන් බේරා­ගත්තා. තරු­ණ­යන් මුදා­ගත්තා. 12,500ක් පුන­රු­ත්ථා­ප­නය කළා. රැකියා දුන්නා. එහෙම කර­ලත් ලෝකය අපේ රණ­වි­රුවා දකින්නේ යුද අප­රා­ධ­ක­රු­වෙක් විදි­හට.

අපේම සම­හර දේශ­පා­ල­න­ඥ­යන් තමන්ගේ පටු වාසි­ව­ලට ජාත්‍ය­න්ත­ර­යට ගිහිල්ලා අපේ රණ­වි­රු­වන් පාවා දුන්නා. අලි­මං­කඩ යනවා කියලා පාමං­කඩ යනවා කිව්වා. ඒ නිසා මේ රටේ සංස්කෘ­තිය ආරක්ෂා කර ගත් දේශ­පා­ලන බල­වේ­ග­යක් අපි ගොඩ­නඟා ගන්න ඕනෙ. අද කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යාට අමා­රුයි. වර්ත­මා­නයේ තිබෙන නිෂ්පා­දන පිරි­වැය වැඩියි. විදුලි බිල, ප්‍රවා­හ­නය යන සිය­ලුම කාරණා එක්ක අසී­මිත, අසා­ධා­රණ බදු ප්‍රති­ප­ත්ති­යක් වර්ත­මාන ආණ්ඩුව ක්‍රියා­ත්මක කර­නවා. එදා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩු­වෙන් බදු අඩු කළා. අපට චෝදනා කළා. අපි අදත් විශ්වාස කර­නවා, මේ රටේ ජන­තා­වට දරා­ගත හැකි බදු ක්‍රම­යක් ක්‍රියා­ත්මක කරන්න ඕනේ කියන කාර­ණාව. රටේ ජන­තා­වට දරා­ගන්න බැරි බදු ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කළා කියලා රාජ්‍ය භාණ්ඩා­ගා­රයේ ආදා­යම් වැඩි වෙන්නෙත් නෑ. රටේ ජන­තා­වට සාධා­ර­ණ­යක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි පැහැ­දි­ලි­වම සාධා­රණ බදු ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කර­නවා. අපි දේශීය ව්‍යාපා­රි­කයා ශක්ති­මත් කර­නවා. අද සම­හර දේශ­පා­ල­න­ඥ­යන් හිත­නවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා. එහෙම නෑ. මේ රටේ වගා කරන්න පුළු­වන් හැම භෝග­යක්ම අපි වගා කරන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් අපි දෙන්න ඕනේ. අඩු භූමි ප්‍රමා­ණ­යෙන් වැඩි අස්වැ­න්නක් ගන්න පුළු­වන් තාක්ෂ­ණය අපි දෙනවා. එයින් මේ රට කෘෂි­ක­ර්මා­න්ත­යෙන් ස්වයං­පෝ­ෂිත කරන්න පුළු­වන්. දරු­වාගේ බුද්ධි මට්ට­මට, නිපු­ණ­තා­වට ගැළ­පෙන රැකි­යා­වක් ගන්න තමයි තරු­ණ­යන් බලා­පො­රොත්තු වෙන්නේ. රැකියා ගන්න තව­දු­ර­ටත් දේශ­පා­ලන පක්ෂ හෝ දේශ­පා­ල­න­ඥ­යන් පිටු­පස යන්න මේ රටේ තරුණ පර­ම්ප­රාව සූදා­නම් නෑ. ඒ නිසා අපි හදන්නේ තරු­ණ­යන්ගේ ආණ්ඩු­වක්. තරු­ණ­යන්ගේ ආණ්ඩු­ව­කින් නිපු­ණ­තා­වට, හැකි­යා­වට, පුහු­ණු­වට, පළ­පු­රු­ද්දට අභි­මා­න­යෙන් යුතුව රැකි­යා­වක් කරන්න පුළු­වන් පරි­ස­රය අපි නිර්මා­ණය කර­නවා. අද මේ ආස­නය ගත්තත් කර්මා­න්ත­පුර තිබෙ­නවා. ඒ තිබෙන කර්මා­න්ත­පු­ර­ව­ලට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ටික මහින්ද රාජ­පක්ෂ යුග­යෙන් පසු දියුණු වෙලා නෑ. ඒවාට අපි ආයෝ­ජ­ක­යන් ගේන්න ඕනෙ. ආයෝ­ජ­ක­යන් ගේන­කොට නිකන් ආයෝ­ජ­ක­යන් ගෙනල්ලා හරි­යන්නේ නෑ. ඒ කර්මා­න්ත­ව­ලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වල දරු­ව­න්ගෙන් ගන්න ඕනෙ. ඒ තුළින් පම­ණයි කර්මා­න්ත­ශා­ලාවේ හෝ ආය­ත­නයේ රැකි­යා­වක් අපේ ගමේ දරු­වට ලැබෙන්නේ. ඒ වැඩ­පි­ළි­වෙ­ළත් එක්කයි අපි ආණ්ඩු­වක් පිහි­ටු­වන්නේ. අද මැති­ව­රණ වේදි­කාව දිහා බැලු­වාම සම­හර ප්‍රති­පත්ති ප්‍රකා­ශන කියන ඒවා ප්‍රායෝ­ගික නැද්ද කියන ප්‍රශ්නය අපි හැමෝ­ටම තියෙ­නවා. සම­හරු මැති­ව­රණ වේදි­කාවේ ආගම, දහම, සංස්කෘ­තිය පාවා දෙනවා. මේ රටේ සංස්කෘ­ති­යට හානි­යක් වන කිසිම දේශ­පා­ල­නික හෝ සමා­ජ­යීය තීන්දු­වක් ක්‍රියා­ත්මක කරන්න ඉඩ තියන්නේ නෑ කියන එක මම වග­කී­මෙන් කිය­නවා. අපි ඡන්දය ගන්න සංස්කෘ­ති­යට හානි වන කිසිම දෙයක් බොරු­වට පොරොන්දු වෙන්නෙත් නෑ. අද බොහෝ වෙලා­වට සමාජ මාධ්‍ය දිහා බැලු­වාම කාන්තා හිංස­නය, දරු­වන්ට වන අප­චාර, කාන්තා­වන්ට වන අසා­ධා­ර­ණ­කම් ගැන නොයෙක් අය කතා වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පා­ද­නය කර ක්‍රියා­ත්මක කරන්න ඕනෙ. අපි මේ රටේ ආර්ථි­කය හද­නවා. ගමේ ආර්ථි­කය හද­නවා. පොඩි මනු­ස්ස­යාගේ ආර්ථි­කය හද­නවා. ඔබ වෙනු­වෙන් මේ රටේ ආර්ථි­කය ගොඩ­න­ඟන්න ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ සූදා­නම්. ඒ සඳහා සියලු දෙනාම පෙළ­ගැ­සෙන්න.”

ඉත්තෑ­කන්දේ සද්ධා­තිස්ස නායක හිමි –  “ලංකා ඉතා­හා­සයේ රජ­ව­රුන් 200ක් පමණ සිට තිබෙ­නවා. දුටු­ගැ­මුණු මහ­ර­ජ­තුමා පරි­ච්ඡේද ගණ­නා­වක් ලියා තිබෙ­නවා. රුව­න්මැලි සෑය, මිරි­ස­වැ­ටිය, ලෝවා­ම­හා­පාය හැදුවා. එතුමා එදා එළා­රට එරෙ­හිව සේනාව රැස්කර සටන දිනලා රට එක්සත් කළා. එදා ත්‍රස්ත­වා­දීන් රට ආක්‍ර­ම­ණය කරන විට, දළදා හාමු­දු­රු­වන්ට පහර දෙන විට, ශ්‍රී මහා බෝධිය ළඟ සිල්ගත් පිරිස මරා දමන විට, අම්පාරේ මිනිස්සු මරන විට මේ රට බේරා­ගත්තේ මහින්ද රාජ­පක්ෂ මහ­තායි.”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි, කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සම­න්ප්‍රිය හේරත් සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සුමිත් උඩු­කු­ඹුර මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.

කුරු­ණෑ­ගල ප්‍රධාන සංඝ­නා­යක හුනු­පොල සද්ධා­තිස්ස නාහිමි, පාර්ලි­මේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාව­ත­ගම ආස­නයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රධාන සංවි­ධා­යක කමල් පෙරේරා මහ­ත්ව­රුන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *