Latestදේශීය

සජිත් දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ ‌දෙකකින් – පලනි ‌දිගම්බරම්

2024 ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂ දෙකකින් දිනවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ ජාතික කම්කරු පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු  පලනි දිගම්බරම් මහතා කියා සිටියේ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂයකින් සජිත් ප්‍රේමදාස මහතා දිනවිමට කටයුතු කල බවයි.

මෙවර නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩි ජන්ද ලක්ෂ දෙකකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිමට කටයුතු කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ජනාධිපති බවට පත් වි ඇති බවත්, (22) දින සැබැහින්ම ජනාධිපති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

විපක්ෂ නායක වශයෙන් කටයුතු කරමින් රටේ පාසල් ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කල සජිත් ප්‍රේමදාස මහතා රටේ දුෂණයෙන් තොර සංවර්ධන රටක් කරා රැගෙන යන බවට තමන් සහ ජනතාව තුල දැඩි විශ්වාසයක් පවතින බවද පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම රැස්විමට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම එම්.උදයකුමාර් මහතාද සහභාගි විය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *