Latestවිදේශීය

ඊශ්‍රායල් ජනතාව නෙතන්යාහුගේ නිවස වටලයි

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වීමෙන් කුපිත වූ එරට ජනතාව පෙරේදා පස්වරුවේදි බටහිර ජෙරුසලම් නුවර පිහිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙස වටකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිස් මාර්ග බාධක කඩා බිඳ දමමින් ඔහුගේ නිවෙස පිහිටි පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ දහස් සංඛ්‍යාත ජනතාව පාලනය කිරීමට මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක් ද හටගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ ගැටුම අතරතුර විරෝධතාකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපය පුරා ඊශ්‍රායලය පුරා විරෝධතා පැතිරී ගිය අතර, පසුගියදා එරට විශාලතම කම්කරු සංගමය ද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *