Latestක්‍රීඩාදේශීය

පාසැල් 490කට ක්‍රිකට් පන්දු බෙදාදෙයි

2024 පාසල් ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.

විද්‍යාලාන්තර ක්‍රිකට් නායකයින්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහි සමාරම්භක පන්දු බෙදා දීම පසුගියදා කොළඹ ලුම්බිණි විදුහල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානි චින්තක එදිරිමාන්න මහතා සහභාගිවූ අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි උප සභාපති ප්‍රසන්න සෙනෙවිරත්න, ලේකම් ලීලානන්ද කුමාරසිරි, භාණ්ඩාගාරික ඩී. එම්. රාජරත්න, උප ලේම් කමල් ඉන්දජිත් යන මහත්වරු සහභාගිවූහ.

මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලට පමණක් පන්දු බෙදා දුන් අතර සෙසු පාසල් සඳහා වන පන්දු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හරහා ලබාදීම සිදු කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි යන අංශ තුනම ආවරණය වන පරිදි ක්‍රීඩා කරන පාසල් 490 ක් සඳහා ක්‍රිකට් පන්දු 10,000 කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *