Latestදේශීය

පාස්කු ප්‍රහාරය ගැන නිවැරදි පරීක්ෂණයක් අවශ්‍යයි

පාස්කු ප්‍රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්‍ය යැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ යළි අවධාරණය කරති.

ඒ හිමියෝ මේ බව යළි අවධාරණය කර සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ වැඩිදුරටත් දැක්වූ අදහස්

“අපට ජාත්‍යන්තරයට යන්න අවශ්‍යතාවක් නැහැ මේ රටේ ඉන්න නායකයෝ විනිවිද පෙනෙන ක්‍රමවේදයන් හරහා කරනවා නම්. දැනට, මේ වෙනකම්ම කරල තියෙන්නේ සේරම බොරු. පැලැස්තර ඇලවිලි තමයි කරන්නේ. ඒගොල්ලො පූර්ව නිගමනයකට ඇවිල්ලා, ඒගොල්ලො හැමතිස්සෙම පූර්ව නිගමනය අපිට කවන්න උත්සාහ කරනවා.

පූර්ව නිගමනය මේක ඉස්ලාම් අන්තවාදී පිරිසක් මේක කළා, එතැනින් එහාට මුකුත් නැහැ. ප්‍රශ්න අහන්න එපා අපෙන් කියලා.

හුඟක් දේවල්වලින් අපට පැහැදිලි වෙන්නේ, ඇතුළේ පොලිසියේ නිලධාරීන් හරහා අපට පැහැදිලි වෙනවා සමහර වෙලාවට මේකේ තව පැත්තක් තියෙනවා කියලා. ඉතිං අපට ඒ පැත්ත මොකක්ද කියලා හොයා ගන්න ඕන.

කවුරු හරි නිලධාරියෙකුගේ නම මේකට ගෑවිලා තියෙනවා නම්. දේශපාලන ලෝකෙ කාගේහරි නම ගෑවිලා තියෙනවා නම් ඒගොල්ලන්ව අයින් කරන්න ඕන. අයින් කරලා විමර්ශනය කරන්නට ඕන.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?