Latestවිදේශීය

සටන් විරාමයට නෙතන්යාහු කොන්දේසි දමයි

හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයට ඇතුළු වීම සඳහා දකුණු ගාසා තීරයේ ඊජිප්තුව අතර දේශසීමාව කිසිදු අයුරකින් භාවිත නොකරන බවට තහවුරු වන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ එකඟතාව පළ නොකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වනතුරු සිය හමුදාව ගාසා තීරයෙන් ඉවත් කර නොගන්නා බවටත් අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගාසා තීරයේ මානුෂික මෙහෙයුම් සඳහා අවස්ථාව සලසා දෙමින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර දින 42ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වූවද, එවැනි සටන් විරාමයකට තවම සූදානම් නැති බවත් බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමක් පිළිබඳ ඊශ්‍රායලයේ අවධානය යොමුවුවද, ඒ සඳහා අවස්ථාව මෙය නොවන බවත් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඊජිප්තු දේශසීමාවේ සිට ගාසා තීරයේ සිටින හමාස් සංවිධානයේ සාමාජිකයන් වෙත අවි ආයුධ සහ ජීව උණ්ඩ ලැබෙන බවට ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇතැයි ද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *