Latestදේශීය

කිරිඇල්ල වසන්ත යාපා ගැටුම උග්‍රවෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වන විට උග්‍ර අතට පත් වෙමින් තිබේ.

සමගි ජන සන්ධානය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ඇමතූ වසන්ත යාපා බණ්ඩාර මහතාට මහනුවර ජන රැලියේදී ජනතාව ඇමැතීමට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිතාමතාම අවස්ථාවක් නොදීම තුළින් මෙය පැහැදිලි වන බව වසන්ත යාපා බණ්ඩාර මහතාගේ හිතවාදීහු පවසති.

මහනුවර ජන රැලිය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර දේශපාලනයට අධුනික චරිතයක් වූ ඔහුගේ දියණියට පවා කතාවක් ලබා දී තිබියදී දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායකවරයකුට ජනතාව ඇමැතීමට අවස්ථාවක් ලබා නොදීම ද මේ වන විට ප්‍රශ්න කරන තත්ත්වයක් දක්වා දිග දුර ගොස් ඇත. ඉදිරි මහ මැතිවරණයකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ අවස්ථාව දියණියට ලබාදීමට සැලසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

කිරිඇල්ල මහතාගේ දියණියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසලින්ම අසුනක් දී තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ට ආසනයක් හෝ පැනවීමට රැලිය සංවිධානය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ හිතවාදීන් කටයුතු නොකිරීම පිළිබඳ එම ආසන සංවිධායකවරුන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව ද දැනගන්නට තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *