Latestදේශීය

රනිල් පොහොට්ටු ගැටුම උග්‍රවෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  දැඩි තීරණයක් ගෙන ඇත.

ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

” ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.කොහොම නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි” යැයිද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මුලින්ම අයවැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි පවසන එම ප්‍රකාශකයා ඊට පසු නිදහස් දින උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බව සඳහන් කළේ යැයිද පැවසුවේය.

එහෙත් ඇමැතිධුර ලබා දීමක් සිදු නොවූ අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව එම පක්ෂය තුළ කතාබහක් පවතින්නේ යැයි වාර්තා වේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?