Latestදේශීය

වරද්දගන්නේ නැතුව ඡන්දය පාවිච්චි කරන්‌නේ මෙහෙමයි

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.

ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම…

 ‘1’ මගින් ඡන්දයත්, ‘2’ සහ ‘3’ මගින් මනාප සලකුණු කළ හැකිය.
 ඡන්දය පමණක් භාවිත කිරීමට ‘1’ හෝ ‘X’සලකුණු කළ හැකිය.

ඒ අනුව,
 ‘1’ සහ ‘X’යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

‘X’ සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න
1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.   

මේ අතර අද ‘බිග් ෆෝකස්’ වැඩසටහනේදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එක් අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් පළ කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා,

“සමස්ත ප්‍රතිඵලය අපි දැනගත් පසු කොමිෂන් සභාව තීරණය කරයි ඊළඟට උපදෙස් දෙන්න මනාප ගණන් කිරීමට.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *