Latestදේශීය

ආසියාතික කනිෂ්ඨ බොක්සිං ලෝකඩ පදක්කමක් දිනූ සෙනුදි අතුකෝරළ

අබුඩාබි­හිදී පැවැති ආසි­යා­තික කණිෂ්ඨ බොක්සිං තර­ගා­ව­ලිය සඳහා හොරණ අධ්‍යා­පන කලා­ප­යට අයත් කළු­ප­හන කනිෂ්ඨ විද්‍යා­ලය නියෝ­ජ­නය කර­මින් කිලෝ­ග්‍රෑම් 33-35 බර පන්තිය යටතේ සහ­භාගි වූ සෙනුදි අතු­කෝ­රළ ලෝකඩ පද­ක්ක­මක් හිමි­කර ගනි­මින් ශ්‍රී ලංකා­වට මහත් කීර්ති­යක් ගෙන­දී­මට සමත්ව තිබේ.

කළු­ප­හන කනිෂ්ඨ විද්‍යා­ලය නියෝ­ජ­නය කර­මින් සෙනුදි අතු­කෝ­රළ සමඟ එච්.එස්.කාවින්දි සහ­භාගි වූ අතර, ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩි­කා­වන් සමඟ ගැටෙ­මින් දැක්වූ දස්කම් කළු­ප­හන කනිෂ්ඨ විදු­හල් ඉති­හා­සය තුළ සිදුවූ ප්‍රථම වතා­වද විය.

පුහු­ණු­කරු වූ දිමුතු දිනේෂ් මහ­තාගේ කැප­වීම මත මෙම සිසු­වි­යන් තර­ගා­ව­ලිය සඳහා එක්වූ අතර, ආසි­යා­තික කනිෂ්ඨ බොක්ෂිං තර­ඟා­ව­ලියේ ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු අමිල අර­වින්ද තිසේරා, ශ්‍රී ලංකා කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රිනී උපුලි සුලෝ­චනා ගුණ­ති­ලක යන මහත්ම මහ­ත්මීහු මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *