Latestවිදේශීය

ට්‍රම්ප් ඝාතනයට ලඟටම ඇවිත්

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවයි.

නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව රයිෆලය ක් තිබූ බවයි.

මේ අතර පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය.

එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප් තුවාල සිදුවූ බවත් වාර්තා විය.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබුණි.

එසේ වෙඩි තබන ලද්දේ 20 හැවිරිදි තෝමස් මැතිව් කෘෘක්ස් නැමැත්තෙකි.

එම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *