Latestදේශීය

ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරනවා.‍ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරන්නේ ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවයි.

ලාදුරු මර්දන ව්‍යාපාරය මේ වනවිට ලංකාවේ ලාදුරු තුරන් කිරීම සඳහා විධිමත් වැඩසටහනක් ගෙනයන අතර එයට හේතුව ලාදුරු රෝගීන් සොයා ගැනීම ගිය වසරට වඩා 10%කින් පමණ වැඩිවී ඇති බව සඳහන්.එයට සහයෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්තු මාසය තුළදී ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට එවීමට නියමිත බවයි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?