Latestදේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවෙලාද ? එය සෙවීමට විමර්ශන කණ්ඩායමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අලව්ව ප්‍රදේශයට අද (18) දිනයේ විශේෂ කණ්ඩායමක් පිටත්ව යන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එම කණ්ඩායම අදාළ සිද්ධියට සම්බන්ධ යැයි කියවෙන ගුරුවරයා ඇතුළු පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

අදාළ සිද්ධියෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවත් එම මහතා සඳහන් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳන් කර ඇත්තේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට ආරම්භයට ටික වේලාවකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරී බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *