Latestදේශීය

පාලකයෝ කළේ දකුණු ඉන්දියානු නලු නිළියෝ ගෙන්නලා ඔවුන්ට සැප දීපු එක – නුවන් බෝපගේ

ජන අරගල සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් නුවරඑළිය රාගල ප්‍රදේශයේදී  පැවැත්විණ.

මෙම රැස්විමේදි අදහස් දැක්වූ ජනාධිපති අපෙක්ෂක නුවන් බෝපගේ මහතා කියා සිටියේ,

අපි ජනාධිපති රැලි ගනණාවක් කරා කඳුකර ජනතාවට තියෙන ප්‍රශ්න දශක ගණනාවක් පුරාවට තියෙනවා, හරියටම කියනවනම් අවුරුදු දෙසීයක් තිස්සේ මේ ප්‍රශ්න වලින් පීඩා විඳිනවා.

ඒත් ඇත්තටම මේ ජනතාවට තියෙන ප්‍රශ්න බොහෝම සරල ප්‍රශ්න, ජීවත් වෙන්න නිවසක් තමන්ගේ ශ්‍රමයට හරියන වැටුපක් නැති වැටුප් වැඩි කරගන්න බැරුව මහ පාරේ සටන් කරන සමාජයක්.

ඒ වගේම බෙහෙතක් ගන්න රෝහල් ඇති රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් නැති සමාජයක්, ඒ කරුණු එසේ වුණත් ආර්ථිකය අතින් ලංකාවට වැඩිම විදෙස් විනිමයක ආදායමක් ගෙන එන සමාජයක් තමයි මේ වතුකර සමාජය කියලා කියන්නේ.

ඩොලර් මිලියන තුනක් දෙන අයි.එම්.එෆ් එකේ කියන ඕන දෙයක් කරන්න සූදානම් වන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර යන අය සූදානම්.

ඒත් ආර්ථිකයට ඩොලර් මිලියන හතරක් පිටරට මුදල් ගේන කඳුකර ජනතාවට ඕන දේවල් කරන්න ලෑස්ති නෑ, කඳුකර ජනතාව ප්‍රධාන ජන කොට්ඨාසයක් හැටියට හඳුන්වා දීමට ජන අරගල සන්ධාන කටයුතු කරනවා.

ඔවුන්ට වෙනමම අනන්‍යතාවයක් ලබාදීම අනිවාර්ය කරුණක් වෙනවා , දැන් තොන්ඩමන් ගිහින් ඉන්නවා රනිල් ගාවට, දිගම්බරම් ගිහින් ඉන්නවා සජිත් ගාවට,  වඩිවෙල් සුරේෂ් ගිහින් ඉන්නව රනිල් ගාවට,  වඩිවිල් සුරේෂ් කියන්නේ අද ඉන්න තැන හෙට ඉන්න කෙනෙක් නෙමේ.

මේ කියන අය ජනතාවට ඕන විදියට වැඩ කරනවා ඔවුන්ට ඕන විදියට ජනතාව මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙක්, ජීවන් තොණ්ඩමන් ගමන් යන්නේ කෝටි පහ හය වාහන හතරක් පහක් අරගෙන, ඇත්තටම ගත්තාම ඔවුන් ගත කරන්නේ කුමාර ජීවිත.

ඒත් ඔවුන්ව විශ්වාස කරලා ඉන්න ජනතාව ලංකාවට ඇවිල්ලා වසර දෙසිය සමරන්න මේ මිනිස්සුන්ට මොනවත් කරන්න සැලසුමක් නැහැ, දකුණු ඉන්දියාවේ නළු නිළියෝ ගෙන්නලා ඒ නළු නිළියන්ට සැප දුන්න එක තමයි ජීවන් කරේ.

ඇයි බැරි ඒ මුදල් වලින් අහිංසක මතුකම්කරු ජනතාවට යමක් කරන්න, අපිට ඕන වතුකම්කරු ජනතාවට ආර්ථිකය ශක්තිමත් වන රටක් හදන්න.

මේකට ඕන ජනතාවට බලය එන දේශපාලන ක්‍රමයක් ඒක හදන්න තමයි අපිට ඡන්දයක් දෙන්න කියලා අපි ඉල්ලන්නේ යනුවෙන් පැවසිය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *