Latestක්‍රීඩා

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය  

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරග දෙකකින් සමන්විත වේ.

2019 වසරින් අනතුරුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග 38න් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 18ක් ජය ගැනීමට නවසීලන්තයට හැකි වී ඇත.අනෙක් තරග 11 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.

අද ආරම්භ වන පළමු තරගය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වන අතර එළඹෙන 21 වැනි සෙනසුරාදා ජනාධිපතිවරණය හේතුවෙන්, විවේක දිනයක් ලෙස නම් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *