රුසියානු තානාපති ජනාධිපති හමුවෙයි – දෙරට අතර සබදතා ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් මහතා විසින් සිය පණිවිඩයේ සඳහන් කර තිබෙයි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ අතර, දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කරන අතරම වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වයම විසින් අවධාරණය කරන ලදී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

