ඉන්දීය අග්‍රාමාත්‍ය හා අමෙරිකානු ජනාධිපති අතර හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ආරාධනා කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර දෙරටේම බලධාරීන් විසින් ඒ සඳහා දිනයක් වෙන්කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වසරේ G 20 සමුළුව ඇතුළු ගෝලීය මට්ටමේ කාර්යයන් බොහෝමයක ප්‍රධානත්වය දැරීමට ඉන්දියාව සූදානමින් සිටින පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ආරාධනය සුවිශේෂී එකක් වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

