මේ වසරේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් : සංචාරක සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
ජනවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
පසුගිය වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 82,327 දෙනෙකු පැමිණ ඇති අතර මෙමගින් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙනවා.
වන අතර මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 25,254ක් .
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759 දෙනෙක් , බ්‍රිතාන්‍යයෙන් 8,483ක්, ජර්මනියෙන් 8,216 දෙනෙක් ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණ ඇති බවයි.
ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවද සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

