කාන්තා ක්‍රිකට් නංවන්න සුසන්තිකාට උපදේශන තනතුරක්
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ දස්කම් දැක්වූ කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ, ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශන හා සංවර්ධන උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම තනතුරෙහි පත්කල බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විශිෂ්ටතම දක්ෂතාව ලබාගත් ක්‍රීඩිකාව මෙන්ම ඔලිම්පික් පිටියේ කෙටිදුර ධාවන ඉසව් වලදී පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව ද වන ඇය මෙම තනතුර සඳහා පත් කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ලබාගත් වැදගත් තීරණයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම පත්වීම පසුගිය පෙබරවාරි පළමුවෙනි දා සිට ක්‍රියාත්මක වන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

