Latestවිදේශීය

කුරුළු උණ වසංගතය ඉහළ යන ලකුණු

මේ වනවිට බොලීවියාව , ලතින් අමෙරිකාව මෙන්ම බොලීවියාවේද වේගයෙන් ව්‍යාප්ත වෙන  කුරුළු උණ වසංගතය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ අවදානම ද පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබෙනවා.

බොලීවියාවෙන් H5 කුරුළු උණ වසංගත රැළි දෙකක් මෙන්ම ලතින් අමෙරිකානු කලාපයේ ද කුරුළු උණ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක පළමු වරට බොලීවියාවෙන් ද කුරුළු උණ වසංගතය වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා.

බොලීවියාවේ පළමුවෙන්ම  කුරුළු උණ වාර්තා වී ඇත්තේ එරට සකාබා නගරයේ කුකුළන් 35,000දෙනෙකුගෙන් යුතු ගොවිපොළකිනි.

මීට අමතරව ගෘහස්ථ අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන ගිය තාරාවන්, කුකුළන්, පාත්තයන් වැනි කුරුල්ලන්ගෙන් සමන්විත ගොවිපොළකින් ද කුරුළු උණ වාර්තා වී ඇත.

මේ අතර ලතින් අමෙරිකානු කලාපයේ කොලොම්බියාව, මෙක්සිකෝව සහ ඉක්වදෝරය වැනි රටවලද කුරුළු උණ ව්‍යාප්ත වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම වසංගත තත්වය හේතුවෙන් කුකුළු නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *