IMF නියෝජිතයෝ හෙට දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හෙට (02) මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවට ලබාදි ඇති විස්තීර්ණ ණය පහසුකමේ තුන්වන ණය වාරිකය නිදහස් කිරීමට අදාළ සමාලෝචනය වෙනුවෙන් එම කණ්ඩායම මෙරටට එලෙස පැමිණීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ,විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිතයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී විජිත හෙරත් අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට පැවැත්වෙන හමුව සාමාන්‍ය සුහද සාකච්ඡාවක් පමණක් බවයි.
ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරියට යෑම පිළිබඳව ගැඹුරු දීර්ඝ සාකච්ඡාවක් ඉන් පසු ඇමරිකාවේ නිවුයෝක්හිදී සිදු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

