Uncategorized

ධීවර සහනාධාර ලබා දීමේ මුලික අදියර ආරම්භ කිරීම පියවර

ධිවර අමාත්‍යංශය හරහා ධීවර සහනාධාරය ලබා දීමේ මුලික අදියර ආරම්භ කිරීමට උපරිම උත්සාහ කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඉන්ධන මිල වැඩිවීම නිසා ධිවර ජනතාව පසුගිය කාලයේ දී විශාල පීඩාවකට ලක්වුණු බවත්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කිරීම නිසා මේ වන විට ධිවර ජනතාවට විශාල සහනයක් ලබා දී තිබෙන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

ඊට අමතර වශයෙන් ධිවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි ධීවරයින්ගේ නාම ලේඛන සකස් කරමින් සාධාරණ ක්‍රමවේදයකට ලබා දීමට අවශ්‍ය මුලික වැඩපිළිවෙළ සුදානම් කරමින් තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *