Latestදේශීය

ශානි අබේසේකරට ඉහළම ප්‍රභලම තනතුරක්

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත.

ඒ අනුව ඔහු 2024.10.10 දින සිට 2025.10.09 දක්වා වසරක් සේවයේ යෙදීමට නියමිතය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යනු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයෙකි. ඔහු සිය සේවා කාලය තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ අතුරුදන් කිරීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම වැනි මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයා ලෙස කටයුතු කළේය.

පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩුදුන් බරපතළ ගණයේ සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකරයි. එවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යෂකය.

ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඇතුළු ආන්දෝලනාත්මක විමර්ශන සිදු කරමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතාරක්ෂාව පවා අනතුරක පැවති පසුබිමක සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ක්‍රියා කළ ජනතාව අතර ප්‍රසාදය දිනාගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.

2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශානි අබේසේකර එවකට දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ධුරයට පත්කරන ලදි. ඉන්පසු 2020 ජූලි 31 දින ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම අත්අඩංගුවට ගැනීම අසත්‍ය චෝදනාවක් මත සිදුකරන ලද්දක් බව තහවුරු විය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *