Latestදේශීය

ලක් අම්මා වෙනුවෙන් ආ දමිතට වුනු දේ

රත්න­පුර දිස්ත්‍රික් නාම­යෝ­ජනා ලැයි­ස්තු­වෙන් හදි­සියේ නම ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න මහ­ත්මිය රත්න­පුර තේරීම් භාර නිල­ධාරි­ව­ර­යාට සහ මැති­ව­රණ කොමි­ස­මට ඊයේ (11) පැමි­ණිලි කර තිබේ.

මහ­මැ­ති­ව­ර­ණය සඳහා සමගි ජන බල­වේ­ග­යෙන් රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යට නාම­යෝ­ජනා ලබා­දී­මට රංගන ශිල්පීනි දමිතා අබේ­රත්න මහ­ත්මිය ඊයේ (11) පෙර­ව­රුවේ රත්න­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යට පැමිණ සිටි අව­ස්ථා­වේදී නාම­යෝ­ජනා ලයි­ස්තුවේ ඇයගේ නම සඳ­හන් නොවීම නිසා අපේ­ක්ෂා­භං­ග­ත්ව­යට පත්ව ඇත. එම දිස්ත්‍රි­ක්කයේ අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යන්ගේ සහ ප්‍රබ­ල­යන්ගේ විරෝ­ධය හමුවේ නාම­යෝ­ජනා ලැයි­ස්තු­වෙන් ඇයගේ නම ඉවත් කර ඇති අතර දිස්ත්‍රික් නායක හේෂා විතා­ර­ණගේ එම නම නොමැ­තිව නාම යෝජනා ලයි­ස්තුව රත්න­පුර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිල­ධාරී වසන්ත ගුණ­රත්න මහතා වෙත භාර දෙන ලදි.

ඇයගේ නම සඳ­හන් නොවීම නිසා එහිදී උණු­සු­ම්කාරි තත්ත්ව­යක් හට­ගත් අතර තමාට අසා­ධා­ර­ණ­යක් සිදුව ඇතැයි පව­ස­මින් ඇය ඒ සම්බ­න්ධ­යෙන් රත්න­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යට සහ මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි කර තිබේ. දමිතා අබේ­රත්න මහ­ත්මිය ඊයේ (11) උදෑ­සන නාම­යෝ­ජනා භාර දෙන අව­ස්ථාවේ දී රත්න­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යට පැමිණ පැය භාග­යක පමණ කාල­යක් එහි රැඳී සිටී­මෙන් පසු නික්ම ගියාය.

නාම­යෝ­ජනා පත්‍ර භාර­දී­මෙන් පසු සමගි ජන බල­වේ­ගයේ රත්න­පුර දිස්ත්‍රික් නායක හේෂා විතා­නගේ මහතා පැව­සුවේ දමිතා අබේ­රත්න මහ­ත්මිය සජබ වෙනු­වෙන් විශාල මෙහෙ­ව­රක් ඉටු කළත් රත්න­පු­රට පිට­තින් ආන­ය­නය කිරීමේ අව­ශ්‍ය­තා­වක් නොමැති බවයි. රත්න­පුර දිස්ත්‍රි­ක්කය කාන්තා නියෝ­ජ­න­යක් අවශ්‍ය නිසා රත්න­පුර දිස්ත්‍රික් සජබ පළාත් පාලන මන්ත්‍රී­නි­යන්ගේ සංස­දයේ ලේක­ම්ව­රිය වන රිද්මා ධර්ම­ව­ර්ධන මහ­ත්මි­යට නාම­යෝ­ජනා දුන් බවද හෙතෙම කීවේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *