Latestදේශීය

රටට අහිමිවූ ඩොලර් මිලියන දහස් ගණනක් නිශ්සංකගේ ගිණුමට ගියහැටි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් 2015 සිට 2019 දක්වා ලබා ගෙන තිබෙන ණය මුදලට ආසන්න ප්‍රමාණයක් නිශ්සංක සේනාධිපතිගේ ඇවන්ට්ගාඩ් සමාගමට කොල්ලකෑමේ අවස්ථාව ලබා දී ඇති බව හෙළි වී තිබේ.

ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන වාණිජ නෞකාවල ආරක්ෂාව සැපයීම වෙනුවෙන් එතෙක් නාවික හමුුදාවට ලැබෙමින් තිබූ ඩොලර් මිලියන දහස් ගණනක ආදායම ගෝඨාභය රාජපක්ෂගේ අතිජාත මිත්‍රයා වූ නිශ්සංක සේනාධිපතිට ලබා දීම නිසා රටට අහිමි කරන ලද ආදායම 2015 – 2019 පරිච්ඡේදය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබා ගත් ණය මුදලට සමාන වන බව එම පුවතින් අනාවරණය වී තිබේ.

2015- 2019 කාලය තුළ ස්වෛරීත්ව බැඳුම්කරවලින් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 12,050ක ගිනි පොලී ණය රට බංකොලොත්භාවයට ඇද දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රටට ලැබෙමින් තිබූ ඩොලර් මිලියන 11,500කට ආසන්න මුදලක් නිශ්සංක සේනාධිපතිට ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවකින් හෙළි වී තිබේ.

ඇවන්ට්ගාඩ් ජාවාරම් සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිවල හෙළි කර තිබූ විශේෂ තොරතුරු පහත වීඩියෝවේ දැක්වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *