Latestදේශීය

ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා ඊසි කෑෂ් ජාවාරමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් මඟින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්වී ඇති බවට පවසමින් ඊසිකෑෂ් ක්‍රමයට වංචනික ලෙස මුදල් ලබාගන්නා බවයි.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව දැනුවත් කරන අතර එවැනි වංචනික ක්‍රියාවන් පිළිබදව වහාම පොලීසිය දැනුවත් කර මෙම වංචනිකයින් නීතියේ රැහැනට හසුකරගැනීමට කටයුතු කරන ලෙද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *