චීන ගුවන් යානා තායිවාන ගුවන ආක්‍රමණය කරයි
චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා රැසක් යළිත් වරක් සිය දේශසීමාව ආක්‍රමණය කළ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන්යානා 12ක් සහ නාවික යාත්‍රා 5ක් තායිවාන සමුද්‍ර සන්ධිය ආක්‍රමණය කිරීම නිරීක්ෂණය වූ බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ගුවන් යානා අතරින් 5ක් තායිවානයේ උතුරු හා දකුණු පළාත්වල ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළු වූ බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් තායිවාන ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කළ බවත් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම අවදානම් තත්ත්වයකට සහ ආක්‍රමණයකට මුහුණ දීමේ අරමුණින් අනවසර ගුවන් යානා සහ නාවික යාත්‍රා හඳුනා ගැනීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ ආරක්ෂණ පද්ධතිය සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇති බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

