Latestදේශීය

දුම්රිය මගීන් අපහසුතාවයට පත්කරන්න එපා – විජිත හේරත්

දුම්රිය මගීන් අපහසුතාවට පත් නොකරන්නයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමති විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් සිදුකරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවලදී බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දුන් බවද ඇමැතිවරයා සඳහන් කරයි. ඔවුන්ගේ බඳවා ගැනීම් හා උසස්වීම් ප්‍රශ්නයට ස්ථිර විසඳුම මෙම මැතිවරණ කාලසීමාවේදී ලබාදීමේදී ගැටලු මතුවන බව සඳහන් කරන ඇමැතිවරයා එතෙක් මහජනතාව අපහසුවට පත් නොකර කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කරයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *