ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් මේ පොඩි රටට වටිනා සම්පතක්
(ක්රිස්ටෝෆර් ගාඩිනර්)
මා දන්නා තරමින් නොවැම්බර් මස 14 වන දින පැවැත්වීම නියමිත මහා මැතිවරණයෙන් මෙවර බහුතරය ලබාගන්නා පක්ෂය බවට හඳුනාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ අනුර කුමාර ජනාධිපති සහෝදරයා නියෝජනය කරනු ලබන මාලිමාව ලකුණ යටතේ තරඟවදින ජාතික ජන බලවේගයයි. තවද ජාතික ජන බලවේගය ආසන 140 කට අධික ප්රමාණයක් ගණු ඇතැයි මේ අවස්ථාව වන විට සමීක්ෂන වර්ථා තහවුරු කරමින් සිටී.
දැන් දැන් ඡන්ද දායකයා තීරණ රැසක සිරවී සිටින බවක් පෙන්නුම් කරයි. මන්ද ඡන්ද දායකයා පාරම්පරික සම්ප්රධායික මැතිවරණ ක්රමයක සිරවී අති සැටියකි. ඔවුන් අළුතින් සිතිය යුතුව ඇත. නව ප්රවේශයක් ලබා ගත යුතුව ඇත. මා මෙසේ ප්රකාශ කිරීමට ප්රධානතම සහ ආසන්නතම සිදුවීම, මා මිත්රයෙකු පැවසූ, ඡන්දය කා හට දිවයුතු දැයි යන්න ඔහු තීරණය කරන ක්රමය පැහැදිළි කළ ආකාරය නිසාය. එය ඔහුගේ වචන වලින් පහතින් ඉදිරිපත් කරමි. (මිත්රයාගේ නම සහ අපේක්ෂකයාගේ නම ඉදිරිපත් නොකරමි)
”මචං එයා අපේ ආගමේනේ, උඹ දන්නවනේ අර අතන ගෙදර, අපේ ගමේ එකෙක්නේ, දැන් මෙහේ නැහැ, අපේ ඉස්කෝලෙට ගියේ. ඒ නිසා එයාව තමයි මේ සැරේ යවන්න ඕනේ, ඔන්න උඹත් ගෙදර අයත් එක්කම දීපං”
”එහෙම මම කොහොමත් දෙන්නේ නෑ, ඉදිරිපත් කරන තියෙන ලිස්ට් එක බලල, ඒකෙ හොඳම සුදුසුකම් සහිත, හොඳ විනයක් තියෙන බුද්ධිමත්, අප ප්රදේශයේ නොවුනත්, දේශපාලනය තුලින් ගෞරවාන්විත සේවයක් කල හැකි අපේක්ෂයන් හට හෝ එසේ කළ නොහැකි නම් පක්ෂය සඳහා පමණක් මාගේ ඡන්දය”
මාලිමාව හොඳ කණ්ඩායමක් තොරා ඇත, නමුත් ඔවුන්ටද වැරදි වීම් සිදුවිය හැකිය. නමුත් ජනතාව ඊටත් වාඩා සංයමයකින්, විමර්ෂණාත්මක, විඥානයක් සහිතව, අවස්ථාවාදී නොවී සුදුසුම පුද්ගලයා දියවන්නාවට යැවීමට සඳහා පෙර වසර 76 තුල සිදුකළ සම්ප්රධායික දේශපාලන ක්රියාදාමයෙන් මිදී නව ප්රවේශයක් ලබා ගැනීම අපගෙ මතු පරපුරට වඩා හොඳ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇත.
විය යුත්තේ ද එයයි, ඡන්දය ඔබ සිතැඟ පරිදි දෙන්න, එය ඔබ කල යුතුව ඇත, ඔබ හිතන කෙනා යහළුවා යැව්වා යැයි මින් ඉදිරියට ප්රථිලාභ ලබාගත හැකි නොව්. ටෙන්ඩර් නිසි ක්රමවේදයකට විනිවිද භාවයකින් යුතුව සිදුවේවි. ඉදිපත් කර ඇති අපේක්ෂකයින් අතරින් සුදුසුම, පොදුසේවයක් සඳහා ඉහල කැපකිරිමක් කල හැකි උගත් බුද්ධිමත් ක්රියාශීලී පුද්ගලයින් දියවන්නාවට යැවීමට වග බලාගන්න.
මන්ද මානවයා නම් සත්වයා කපා බැලිය නොහැක. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුගේ අදහස් උදහස් වෙනස්ය, පටු ආකල්ප සහිත දෘෂ්ඨි කෝණයකින් නොබලා, නියම සුදුසුසා පත්කරමු.
76 වසරක රැවටිලිසහගත තුච්ඡ ත්රාඩ දේශපාලන නිකමුන් අතුගා දමා සොරුන් ගාල් කලහැකි, මාලිමාව ලකුණ යටතේ තරඟවදින ජාතික ජන බල වේගයෙන් ඉදිරිපත් වෙන හොඳම අය තොරාගැනීම ඔබට භාර කරමි. ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් මේ පොඩි රටට වටිනා සම්පතක්.