මොකක්ද මේ ශ්‍රමදානය
(ක්‍රිස්ටෝෆර් ගාඩිනර්)
අප රටේ පැවැත්වෙන ඉතාමත් තීරණාත්මකම පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වන දින එනම් මේ බ්‍රහස්පතින්දා පැවෙැත්වෙයි. මෙම මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස්කරන පීඩිත ජනතාවගේ මැතිවරණයක් වීම විශේෂයෙන් කැපීපෙනෙයි. මැතිවරණයක් මේ රටේ පැවැත්වෙනවාද කියා කියන්නටවත් නොහැකි නිහැඩියාවකින් මුළු රටම ගිලගත්තාක්මෙනි. සැමගේ මුවින් පිටවෙන්නේ තොරාගත් එක් පක්ෂයක්, කණ්ඩායමක් වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් වන බවයි.
මේ අතර පළපුරුදු දේශපාලකයන්ද තැතිගන්වන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පරිවර්ථනය වී ඇති බව කිව යුතුය. පළපුරුදු දේශපාලකයන්ගේ එකම බලාපොරොත්තුව විපක්ෂය නියෝජනය කරන්නටය. එයද ඔවුන් පවසන්නේ ප්‍රසිද්ධ වේදිකාවල ඉකිබිඳමින්, කඳුළු සලමින්, සොටු සූරමින් වීම අතිශයිම ලජ්ජා සහගතය. ඒ ඔවුනට බලය අතට ලැබෙන්නේ නම් පෙර පරිදිම ක්‍රියාකරන්ට හිතාගෙන වෙන්නට ඇතැයි සිතිය හැකිය.
මේ අතර පලපුරුදු අයෙක් කියා සිටියේ ”අහිගුණ්ඨකයා සහ නයා” පෙරට ගෙනය. ඔහු එයින් කියන්නට උත්සහ කලේ අහිගුණ්ඨකයා ඔහු වන බවත් නයා ඔහුගේ පාක්ෂිකයින් වන බවත්ය. ඔහුගේ චන්දදායකයා ගැන ඔහු දැක්කේ එලෙසටය. මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ ඔහු නලාව පිඹින විට පාක්ෂිකයා එයට කීකරුව නටන්නට අවශ්‍ය බවයි. අන්න පළපුරුදු දේශපාලකයන් ඔවුන්ගේ පාක්ෂිකයින් ගැන සිතන විදිහ, පාක්ෂිකයා ඒසේ විය යුතු නැත. මොකද දේශපාලකයාගෙ පදයට හඬට අවනත විය යුතුද යන්න පාක්ෂිකයා දෙවරක් සිතාබැලිය යුතු දවස එළඹී අත.
කණ වැකෙන තවත් වැකියකි ”නොවැම්බර් 14 මහා ශ්රමදාන්යට ලෑස්ති වෙන්න” මේ කියන්නේ කුමක්ද? ගමේ ගොඩේ ශ්‍රමදානයක් කියන්නේ ගමේ සැවොම එක්වී කුමක් හෝ දෙයක් සුද්ධපවිත්ර කිරීමකි, පාරක් කැපීමකි, පාසැලක් කළඑලි කිරීමකි, පොදු ළිඳක් ශුද්ධකිරීමකි, විවිධ කර්තවයන්ද එයට එක්වෙයි.
නොවැම්බර් 14 ශ්‍රමදානය කියන්නේ දියවන්නාව එසේත් නැතිනම් දියවන්නාව මැද ඇති පාර්ලිමේන්තුව ශුද්ධ කරන්න්ට රට වැසි සියළු දෙනාට ආරාධනා කරන බවකි. එම ආරාධනාව පිළිගන්නට කැමති අය හට අවස්ථාව දැන් ලැබී ඇත.
සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් ශ්‍රමදානයක් තියෙන්නේ නම් ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව එකට එක්වී, කැපවී ඒ කර්තවය අවසාන වන තෙක් මහන්සි නොබලා, නිදි නොලබා ශ්‍රමදානයේ නිරත වෙයි. ඉතිහාසයේද එවන් බෙහෝ ශ්‍රමදාන දැකගතහැකිය.
එසේ නම් මේ කියන ශ්‍රමදානයට ඔබත් හවුල් වී දියවනාව ශුද්ධ පවිත්‍ර කර, එය අප අනාගත දුවා දරුවනට භාර දෙන්නට සූදානම් වෙමු. ජාති, ආගම්, පංති, පක්ෂ ගැටුමකින් තොරව ශ්‍රමදානයට හවුල් වෙමු.